පසුගිය 2022 වසරේ මැයි මස 09 වන දින රට තුළ ඇති වූ කලහකාරී තත්ත්වය අතරතුර නිතිවිරෝධී ජනරාශියක් විසින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතනයට අදාළ නඩු තීන්දුව අද (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ගම්පහ මහාධිකරණය හමුවේ දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ. නිතිවිරෝධී ජනරාශියක් ලෙස පැමිණ මහ මගදී මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ඇදගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාව මත පුද්ගලයන් රැසකට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
මෙරට දේශපාලන ඉතිහාසයේ මහජන නියෝජිතයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ප්‍රසිද්ධියේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙවැනි නඩු තීන්දුවක් ලබාදෙන පළමු අවස්ථාව මෙය වන බැවින්, අද දින ලබාදීමට නියමිත මෙම තීන්දුව කෙරෙහි මුළු රටේම අවධානය යොමු වී තිබේ. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන අද දිනයේදී ගම්පහ මහාධිකරණ පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.














