කොළඹ විශාකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කරදීම සඳහා රුපියල් ලක්ෂ 3ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. මෙම වසරේ (2026) පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කරදීමේ පොරොන්දුව මත ඔහු මෙම මුදල ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන පවත්වයි.














