වත්මන් රජය යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කිසිදු අයුරකින් දේශපාලන රැකවරණයක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, මින් ඉදිරියට මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එමෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙම ජාවාරම්කරුවන් සමඟ සෘජු සබඳතා පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි කටයුතුවලින් වහාම ඉවත් වන ලෙසත්, එසේ කළ නොහැකි නම් තම තනතුරුවලින් ඉවත් වන ලෙසත් ඔවුන්ට දැඩිව දැනුම් දුන්නේය.













