ඇමෙරිකා එක්සත් ජනපදය වෙත තැපැල් මඟින් භාණ්ඩ යවන මෙරට ව්‍යාපාරිකයින්ට සහ මහජනතාවට සහනයක් සැලසීම පිණිස විශ්ව තැපැල් සංගමය හඳුන්වා දී ඇති නව මාර්ගෝපදේශ අනුගමනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඇමෙරිකාව විසින් ඩොලර් 800ට අඩු භාණ්ඩ සඳහා මීට පෙර ලබා දී තිබූ තීරු බදු නිදහස ඉවත් කිරීම හේතුවෙන්, මේ වන විට ඩොලර් 100ට අඩු ත්‍යාග සහ ලේඛන හැර එරටට යවන අනෙකුත් සියලුම තැපැල් භාණ්ඩ රේගු බදු ගෙවීමට යටත් වේ. මෙම තත්ත්වය නිසා විද්‍යුත් වාණිජ්‍යය (e-Commerce) හරහා ඇමෙරිකාවට භාණ්ඩ යවන මෙරට ව්‍යාපාරිකයින් මුහුණ දී සිටින ගැටලුවලට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව, විශ්ව තැපැල් සංගමය හඳුන්වා දී ඇති විශේෂ මෘදුකාංග යෙදවුමක් හරහා අදාළ තීරු බදු සහ අනෙකුත් ගාස්තු, භාණ්ඩ ඇමෙරිකාවට ලැබෙන අවස්ථාවේදී ප්‍රේෂණය කිරීමේ පහසුකම සැලසෙනු ඇත. මෙම ක්‍රියාවලිය ඇමෙරිකානු රේගු දේශ සීමා ආරක්ෂණ ආයතනයේ බලපත්‍ර ලාභී ‘ZONOS’ ආයතනය හරහා ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම හරහා ඇමෙරිකාව වෙත තැපැල් භාණ්ඩ යැවීමේදී සිදුවන ප්‍රමාදයන් සහ බදු ගැටලු අවම කර ගැනීමට මෙරට අපනයනකරුවන්ට අවස්ථාව හිමිවේ.














