රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ අතරමඟ නැවතී තිබූ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ආධාර මත ක්‍රියාත්මක වන නිවාස ඒකක 4,074ක දැවැන්ත ව්‍යාපෘතියේ එක් අදියරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ. 2020 වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුලින් අනුමැතිය හිමිව තිබුණද, පත් කර සිටි කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්යසාධනය හේතුවෙන් එම ගිවිසුම අවලංගු කිරීමට මීට පෙර පියවර ගැනුණි.
ඒ අනුව, ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වූ ලංසු 06ක් සලකා බැලීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම කොන්ත්‍රාත්තුව සුදුසු පෞද්ගලික ආයතනයක් වෙත පිරිනැමීමට තීරණය කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිවිය.
මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීම හරහා රාජගිරිය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා පවතින ජනතාවට කඩිනම් සහනයක් සැලසීම රජයේ අපේක්ෂාවයි.














