දකුණු පළාත තුළ ධාවනය වන බස් රථ පැමිණෙන වේලාවන් සහ ඒවා පවතින ස්ථාන සජීවීව (Live) බලාගත හැකි නව ජංගම දුරකථන යෙදුමක් ‘SP Bus’ නමින් හඳුන්වා දී තිබේ. මගී ජනතාවට බස් රථ ප්‍රමාදය හේතුවෙන් සිදුවන කාලය අපතේ යාම වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම යෙදුම නිල වශයෙන් දියත් කෙරුණු අතර, ඒ හරහා මගීන්ට බස් රථයක් පවතින ස්ථානය සහ එය බස් නැවතුමට පැමිණීමට ගතවන කාලය නිවැරදිව දැනගැනීමේ හැකියාව උදාවේ.
විශේෂයෙන්ම, තමන්ට අවශ්‍ය බස් සේවාව ක්‍රියාත්මක වන්නේද යන්න නිවසේ සිටම පරීක්ෂා කිරීමට මගීන්ට මෙමඟින් පහසුකම් සැලසෙන බැවින්, මාර්ග අසල අනවශ්‍ය ලෙස රැඳී සිටීමට මින් ඉදිරියට අවශ්‍ය නොවන බව බලධාරීහු පවසති.














