ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එරික් මේයර් මහතා ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස පත් කර තිබේ. මෙතෙක් මෙරට තානාපති ධුරය දැරූ ජුලී චං මහත්මිය සේවයෙන් ඉවත් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා ඔහු මෙලෙස පත් කර ඇත.
එරික් මේයර් මහතා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහු බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයෙකු ලෙස ද විශේෂ ඇගයීමට ලක් වූවෙකි. මීට පෙර නෝර්වේ සහ මැසිඩෝනියාව යන රටවල ඇමෙරිකානු තානාපතිවරයා ලෙස ද ඒ මහතා සේවය කර ඇති බැවින් රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් සමුදායක් ඔහු සතු වේ














