2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස නඩු විභාගය කල් තැබීමට තීරණය විය. හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ රියදුරු දිනුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වේ.
2016 පෙබරවාරි 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් නැමති තරුණයා බරපතළ රිය අනතුරකට ලක් කිරීම, රියදුරු මාරු කරමින් සාක්ෂි වසන් කිරීම සහ ව්‍යාජ වාර්තා සකස් කිරීම යන අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත. මීට පෙර අවස්ථාවලදී මෙම නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ප්‍රතික්ෂේප වූ අතර, ඒ අනුව නඩු විභාගය මහාධිකරණයේදී අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතව තිබේ.














