හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ මරණය සම්බන්ධයෙන් පැනනැගී ඇති සැකසහිත තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ දේහය ආදාහනය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර භූමදානය කිරීමට පවුලේ ඥාතීන් තීරණය කර තිබේ.
හිටපු අමාත්‍යවරයාගේ සොහොයුරිය වන මංගලා කරුණාරත්න මහත්මිය වාද්දුව තරුණ බෞද්ධ සමිති ශාලාවේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ, තම සහෝදරයා සිය ජීවිතයට තර්ජනයක් පවතින බවට පසුගිය ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර අපරාධ අධීක්ෂණ ආයතනයකට පැමිණිල්ලක් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු 21 වැනිදා පස්වරුවේ වාද්දූව මහජන ක්‍රීඩා පිටියේදී සිදු කරන බව අවමංගල්‍ය කමිටුව සඳහන් කරයි.














