ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
මෙම නව ක්‍රමය යටතේ ධීවරයින්ට තමන්ගේ මූල්‍ය ශක්තිය සහ රුචිකත්වය අනුව තෝරාගත් දායකත්ව මුදලක් ගෙවමින් විශ්‍රාම වැටුප් සැලසුමකට එක්වීමට අවස්ථාව සැලසේ. වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු රුපියල් 5,000, 10,000, 15,000, 20,000 හෝ 25,000 සිට ඉහළ අගයන් දක්වා මාසික විශ්‍රාම වැටුපක් ලබාගත හැකි පරිදි විවිධ කාණ්ඩ යටතේ මෙම සැලසුම් සකස් කර ඇත.
මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයේ ඇති විශේෂත්වය වන්නේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුව ද වරින් වර විශ්‍රාම වැටුප් වාරිකය ඉහළ යාමයි. මීට අමතරව, මෙම ක්‍රමයට දායක වන ධීවරයින්ට ජීවිත රක්ෂණ ආවරණයක් හිමිවන අතර, විශ්‍රාම වැටුප්ලාභියාගේ අභාවයෙන් පසු එම විශ්‍රාම වැටුපේ හිමිකම ස්වාමිපුරුෂයාට හෝ බිරිඳට හිමිවන පරිදි සහන සලසා තිබේ. ධීවර ප්‍රජාවගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මඟින් ඔවුන්ට ස්ථාවර විශ්‍රාම ජීවිතයක් ගත කිරීමට මංපෙත් විවර වනු ඇතැයි අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.














