පිළිකාවක් හේතුවෙන් ඇතිවන මරණ අතර පිරිමි පුද්ගලයන්ට පළමු තැනත් කාන්තාවන්ට දෙවන තැනත් අත්කර දීමට පෙනහලු පිළිකාව සමත් වී ඇති බව වැලිසර ස්වසන රෝග පිලිබද ජාතික රෝහලේ උරස්කුහර ශල්‍ය විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා අනාවරණය කළේය.
මෙතෙක් පුරුෂයන්ගේ පිළිකා මරණ සදහා පළමු තැන මුඛ පිළිකාවත් කාන්තාවන්ගේ දෙවැනි පෙළේ පිළිකා මාරයා ගැබ් ගෙල පිළිකාවත් බවට පත්ව තිබිනි.
නමුත් 2022 වර්ෂයට අදාලව නවතම සමීක්ෂණ වාර්තා අනුව දෙපාර්ශවයේම පිළිකා නිසා සිදුවන මරණ සදහා මීට පෙර මූලිකවූ පිළිකා රෝග සාධකය අභිබවමින් පෙනහලු පිළිකාව එක් පියවරක් ඉදිරියට පැමිණීම වඩාත් අවධාරණය කළ යුතු කරුණක් බවත් ඔහු කීය.
එසේම පසුගිය දශකයක කාලය තුල පෙනහලු පිළිකාවේ ඉතා වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවත් එහි වර්ධනය 50% ක් තරම්වූ අධි අවධානම් තත්ත්වයකට පත්ව ඇති බවද වෛද්‍ය ඉද්දගොඩ මහතා පෙන්වා දුන්නේය.
පෙනහලු පිළිකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන ශල්‍යකර්ම අතර කාන්තා රෝගීන් හමුවීම ඉහළ ගොස් ඇති බවද එහෙත් ඒ සදහා මූලික වන හේතු සාධකය මෙතෙක් නිශ්චිතව අනාවරණය කර නොමැති බවද ඔහු පැවසුවේය.
දුම්පානය, විෂ දුම් සහිත පරිසරයට ඝෘජුවම නිරාවරණය වීම, රසායන ද්‍රව්‍ය ආග්‍රහනය විශේෂයෙන්ම එවැනි කර්මාණ්තශාලාවල සේවය කරන පිරිස් නිවරදිව මුව ආවරන නොපැලදීම. නිවෙස්වල ආහාර පිසීම සදහා දුම් පිටවන ඉන්ධන විශේෂයෙන්ම දර භාවිතය, වැනි සාධක පෙනහලු පිළිකා ඇතිවීම සදහා මූලික වන බවද ඔහු පෙන්වා දුන්නේය.
වැලිසර ස්වසන රෝග පිලිබද ජාතික රෝහලේ වාර්ෂිකව ශල්‍යකර්ම 3000 පමණ සිදුකරන බවත් එයින් 2000 කට ආසන්න ප්‍රමානයක් පෙනහලු ආශ්‍රිත පිළිකා සදහා වන ශල්‍ය කර්ම බවත් එසේම ශල්‍යකර්ම සදහා රෝගීන් යොමුවන විට සංකීර්ණ තත්ත්වයට පත්ව තිබීම මේ සම්බන්ධයෙන් දකින්නට ලැබෙන කනගාටුදායක කරුණ බවද හෙතෙම අවධාරණය කළේය.
වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා මේ බව ප්‍රකාශකළේ පසුගියදා කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය ශ්‍රී ලංකාවේ හෘද උරස් සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඉදිරි ගමන සහ වාර්ෂික සම්මේලනය පිලිබද මාධ්‍ය දැනුවත්කිරීම සදහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.














