විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශිත නාමය සම්බන්ධයෙන්ව්‍යවස්ථාදායක සභාව (CC) ගත් තීරණයේ ඇතැම් තොරතුරු ලබාදීම එම සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නීතිඥ ආසාත් අතාම් ලෙබ්බේ මහතා විසින් කරන ලද ඉල්ලීමකට පිළිතුරු දෙමින් ව්‍යවස්ථාදායක සභාව මෙම තීරණය දැනුම් දී ඇත.
විගණකාධිපති ධුරය සඳහා හමුදා නිලධාරියෙකු වන ඕ.ආර්. රාජසිංහ මහතාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබූ අතර, ව්‍යවස්ථා සභාව එම යෝජනාව ප්‍රතික්ෂේප කළ බවට පළ වූ පුවත් වාර්තා පදනම් කරගනිමින් මෙම තොරතුරු ඉල්ලා තිබුණි. එහිදී ව්‍යවස්ථා සභාවේ මුළු සාමාජික සංඛ්‍යාව සහ අදාළ පත්වීමට පක්ෂව, විපක්ෂව ඡන්දය දුන් හෝ ඡන්දය දීමෙන් වැළකී සිටි සාමාජිකයන්ගේ නම් හෙළි කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
මෙහිදී ව්‍යවස්ථාදායක සභාවේ තොරතුරු නිලධාරියා සඳහන් කර ඇත්තේ සභාවේ සාමාජිකයන් සහ ඔවුන්ගේ තනතුරු පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ අන්තර්ගත වන බවයි. එහෙත්, අදාළ පත්වීම සම්බන්ධයෙන් සාමාජිකයන් ඡන්දය ප්‍රකාශ කළ ආකාරය පිළිබඳ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ සඳහා හේතුව ලෙස දක්වා ඇත්තේ තොරතුරු පනතේ 5(1)(උ) වගන්තිය ප්‍රකාරව එම තොරතුරු විශ්වාසනීය සම්බන්ධතාවයක් මත රහසිගතව තබා ගත යුතු ඒවා බවයි.














