ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ පුණ්‍ය මහෝත්සවය එළැඹෙන පෙබරවාරි 04 සිට 11 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
60 දශකයේදී ගුජරාට් ප්‍රදේශයේ සිදු කළ කැණීම්වලින් සොයාගත්, මෙතෙක් ඉන්දියාවෙන් බැහැරට වැඩම කර නොමැති මෙම ශාරීරික ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙනි.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති සාකච්ඡාවකදී අවශ්‍ය පහසුකම් සැලසීම සහ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ අවධානය යොමු විය.
පෙබරවාරි 04 වනදා කටුනායක ගුවන්තොටුපොළ වෙත වැඩම කරවන ධාතූන් වහන්සේලා එදින සිට ගංගාරාමයේදී මහජන වන්දනාව සඳහා විවෘත වේ.
මෙය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට හිමි වූ ඉතා දුර්ලභ හා ඓතිහාසික අවස්ථාවක් බව අමාත්‍යවරයා සහ මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළහ.














