• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැණිකක් තමන්ගෙම කරගන්න අවස්තාවක් – ඔබේ වාසනාවත් උරගා බලන්න පුළුවන්

21 January 2026
in දේශීය, පුවත්
මැණිකක් තමන්ගෙම කරගන්න අවස්තාවක් – ඔබේ වාසනාවත් උරගා බලන්න පුළුවන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැණිකක් තමන්ගෙම කරගන්න අවස්තාවක්
ඔබේ වාසනාවත් උරගා බලන්න පුළුවන්

ගිනි ගන්න තරම් තද අව් රශ්මියෙන් පිරුණු කාන්තාරයක් මැද, එකම එක ගොඩනැගිල්ලක්වත් පෙනෙන්නට නැති තැනක, මිනිසුසු දහස් ගණනක් ජීවත් වෙනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද ?
අපි හිතන්නෙවත් නැති තැනක තියෙන නගරයක සැඟවුණ කතාවක් ගැන තමයි අද අපි ඔයාලට කියන්නේ.
මේක පොළොව මතුපිටින් අතුරුදන් වුණු නගරයක්.
ඒ තමයි ‘ඔපල්’ අගනුවර විදිහට හැඳින්වෙන ‘කූබර් පීඩි’ නගරය.

කූබර් පීඩි කියන්නේ ලෝකයේ තියෙන අතිශය අසාමාන්‍ය සහ සිත්ගන්නාසුලු නගරයක්.
මෙක ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටලා තියෙනවා.
මෙය ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එහි තින සුවිශේෂී ජීවන රටාව සහ මැණික් කර්මාන්තය නිසා.
ලෝකයේ වටිනාම මැණික් වර්ගයක් වන **ඔපල් ** වැඩිම ප්‍රමාණයක් හමුවන්නේ මේ ප්‍රදේශයෙන්.
1915 වසරේදී මෙහි පළමු ඔපල් නිධිය සොයා ගැනීමෙන් පසු මෙය ලොව ප්‍රධානතම ඔපල් නිෂ්පාදන මධ්‍යස්ථානය බවට පත් වුණා.
කූබර් පීඩි නගරයේ ඇති සුවිශේෂීම ලක්ෂණය තමයි ජනගහනයෙන් බහුතරයක් පොළොව යට ජීවත් වීම.
මෙයට ප්‍රධානතම හේතුව වෙන්නේ එම ප්‍රදේශයේ පවතින දරුණු උණුසුම.
මේ ප්‍රදේශයේ දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනවා.
මේ නිසා මිනිසුන් තම නිවාස, පල්ලි, හෝටල් සහ කෞතුකාගාර පවා කඳුගැට හාරා පොළොව යට සකස් කරලා තියෙන්නේ.

මුල් කාලයේදී මිනිසුන් මේ නිවාස හදාගෙන තියෙන්නේ අතින් හාරලා.
නමුත්, අද වෙනකොට විශාල උමං හාරන යන්ත්‍ර මේ නිවෙස් සකස් කිරිමට භාවිත කරනවා.
මෙම යන්ත්‍ර මගින් කඳු ගැටයක් ඇතුළට තිරස් අතට හාරා මේ නිවෙස්වල කාමර සකස් කෙරෙනවා.
මෙම පොළොව යට නිවාස තුළ උෂ්ණත්වය නිරන්තරයෙන් සෙල්සියස් අංශක 23-25 අතර ස්ථාවරව පවතී.
මේ නිසා වායු සමන යන්ත්‍ර අවශ්‍ය වෙන්නෙත් නැහැ.
සෑම නිවසකම ඉහළට විහිදුණු කුඩා සිදුරු දැකගත ලැබෙනවා.
මේවා මගින් කාමරවලට නැවුම් වාතය සහ ස්වභාවික ආලෝකය ලබා දෙනවා.
මෙම නිවාස ඇතුළත වසර පුරාම ඉතා සුවදායක, සිසිල් උෂ්ණත්වයක් ස්වභාවිකවම පවතිනවා.
සාමාන්‍ය ගඩොල් නිවසක් හදනවාට වඩා අඩු මුදලකින් මෙහි විශාල නිවසක් හාරා සකස් කරගන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ.
සමහර විට නිවස හාරන විට වටිනා “ඔපල්” මැණික් හමු වුනොත්, නිවසේ වියදම පවා එමගින් පියවා ගැනීමට අයිතිකරුවන්ට හැකියව ලැබෙනවා.
මෙහි නම සැකසී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික භාෂාවෙන් වන කුබර් පීඩි යන වචනයෙන්.
එහි අර්ථය වන්නේ **”සුදු මිනිසාගේ වළ” යන්නයි.
මුල් කාලයේ පැමිණි පතල් කම්කරුවන් පොළොව හාරා ජීවත් වීම දුටු ස්වදේශිකයන් මෙම නම භාවිත කරලා තියෙන බව තමයි පැවසෙන්නේ.

විලී හචිසන් නමැති 14 හැවිරිදි පිරිමි ළමයෙකුට 1915 දී පළමු ඔපල් මැණික් ගල මේ ප්‍රදේශයෙන් හමුව ඇත්තේ අහම්බෙන් බව තමයි පැවසෙන්නේ.
එයින් පසු මැණික් පතල්කරුවන් විශාල පිරිසක් මෙහි පැමිණීමට පටන් ගෙන තිබෙනවා.
පළමු ලෝක යුද්ධයෙන් පසු ආපසු පැමිණි සොල්දාදුවන් විශාල පිරිසක් පතල් කම්කරුවන් ලෙස මෙහි පදිංචි වෙලා තියෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ.
යුද්ධයේදී අගල්හාරා හුරුවී සිටි ඔවුන්, අධික රශ්මියෙන් බේරීමට පොළොව යට ජීවත් වීමේ ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.
අද වන විට රටවල් 45කට අධික ප්‍රමාණයක ජනතාව මෙහි වාසය කරනවා.
එය විවිධ සංස්කෘතීන් රැසක එකතුවක්.

කූබර් පීඩි නගරයේ ජීවත් වන බොහෝ දෙනෙක් පූර්ණකාලීන පතල්කරුවන් හෝ අර්ධකාලීනව මැණික් සෙවීමේ නිරත වන අයයි.
මෙහි පතල් කැපීම බොහෝ විට සිදුවන්නේ කුඩා කණ්ඩායම් හෝ පවුලේ සාමාජිකයන් එකතු වීමෙන්.
මැණික් හෑරීම සඳහා ඕනෑම අයෙකුට අවසර හිමිවන්නේ නැහැ.
ඒ සඳහා රජයෙන් විශේෂ පතල් බලපත්‍රයක් ලබා ගන්න ඕනේ.
නගරයේ පදිංචි ප්‍රදේශය යට මැණික් හෑරීම දැන් නීතියෙන් තහනම් කර තිබෙනවා.
ඒ නගරයේ සහ නිවාසවල ආරක්ෂාව සඳහායි.
නමුත් පදිංචි ප්‍රදේශයෙන් මදක් ඈතට වන්නට දහස් ගණනක් පතල් පිහිටා තිබෙනවා.

කාන්තාරයක් නිසා මෙහි ඇති ජලය ඉතා සීමිතයි
මේ නිසා නගරයට සැතපුම් 25ක් පමණ ඈතින් ඇති භූගත ජල මූලාශ්‍රයකින් ජලය ලබාගෙන, එය පිරිපහදු කර නගරයට බෙදා හැරීම සිදු කෙරෙනවා.,
ඒවගේම සූර්ය බලශක්තිය සහ සුළං බලශක්තිය මගින් නගරයට අවශ්‍ය විදුලිය නිපදවා ගැනෙනවා.
මෙහි බොහෝ නිවාස එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ පොදු උමං මාර්ග පද්ධතියකින් නෙමෙයි.
නමුත්, එකම පවුලේ සාමාජිකයන් හෝ සමීපතමයන් අසල නිවාස දෙකක ජීවත් වන්නේ නම්, ඔවුන් තම නිවාස දෙක අතර පෞද්ගලික උමං මාර්ගයක් හාරා ගැනීමට පෙළඹෙනවා.
එමගින් දැඩි හිරු රශ්මිය ඇති වේලාවට එළියට නොබැසම අනෙක් නිවසට යාමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.
නගරයේ සමහර පොදු ස්ථානවල නම් අනිවාර්යයෙන්ම උමං මාර්ග දක්නට ලැබෙනවා.
පොළොව යට හෝටල්වල කාමරවල සිට පිළිගැනීමේ නිලධාරියා අවන්හල හෝ සාප්පු සංකීර්ණය වෙත යාමට දිගු උමං මාර්ග පද්ධති සකස් කර තිබෙනවා.
ඒවගේම පැරණි ඔපල් පතල් සහ කෞතුකාගාර එකිනෙකට සම්බන්ධ වන්නේ විශාල උමං මාර්ග ජාලයක් හරහායි.
බොහෝ නිවාසවල ප්‍රධාන දොරටුව විවෘත වන්නේ පිටතටයි .
එබැවින් එක් නිවසක සිට තවත් නිවසකට යාමට බොහෝ විට මිනිසුන් මතුපිට මාර්ගය භාවිතා කරනවා.
නමුත් එම ගමන තත්පර කිහිපයකට සීමා වන පරිදි ඔවුන්ගේ වාහන නවත්වන ස්ථාන නිවාස අසලම නිර්මාණය කර තිබෙනවා.

මෙම නගරය මැද විශාල සුපිරි වෙළඳසැල් තිබෙනවා.
කාන්තාරයක් නිසා බොහෝ එළවළු සහ පළතුරු පිටතින් රැගෙන එනු ලබනවා.
කූබර් පීඩි හි ඇති සමහර පීසා අවන්හල් ඕස්ට්‍රේලියාවේ හොඳම පීසා ලෙස සම්මාන පවා ලබා තිබෙනවා.
නගරයේ නවීන පහසුකම් සහිත රෝහලක් තිබෙනවා.
එය මතුපිට පිහිටා ඇති ගොඩනැගිල්ලක්.
ඉතා බරපතල අසනීප තත්ත්වයකදී ගුවන් මගින් රෝගීන්ව ඇඩිලේඩ් වැනි ප්‍රධාන නගර කරා රැගෙන යාමට කටයුතු කරනවා.
කූබර් පීඩි හි ඔවුන්ටම වෙන්වූ ගුවන් පථයක් ද තිබෙනවා.
ඒවගේම පෙර පාසලේ සිට වසර 12 දක්වා දරුවන්ට අධ්‍යාපනය ලැබිය හැකි විශාල රජයේ පාසලක් මෙහි තිබෙනවා.
මෙම පාසල් ගොඩනැගිලි මතුපිට පිහිටා තිබුණත්, දැඩි රශ්මියෙන් බේරීමට ඒවා ඉතා හොඳින් වායුසමනය කර ඇති බවයි වාර්තා වන්නේ.
දරුවන්ට ක්‍රීඩා කිරීමට ගෘහස්ථ ක්‍රීඩා පිටි භාවිතා කරනවා.
පතල් කර්මාන්තයට අමතරව මෙම නගරයේ හෝටල්, මගපෙන්වන්නන් , සහ සිහිවටන වෙළඳසැල් වල රැකියා පවතිනවා.
ඒවගේම රජයේ සේවාවන්, බැංකු, ඉන්ධන පිරවුම්හල් වැනි සාමාන්‍ය රැකියාත් මෙහි තිබෙනවා.

මෙහි කතෝලික සහ ඕතඩොක්ස් පල්ලි කිහිපයක්ම පොළොව යට පිහිටා තියෙනවා.
ඒවායේ බිත්තිවල ඇති ස්වභාවික පාෂාණමය රටා ඉතා අලංකාරයි.
කූබර් පීඩි හි ඇති ගොල්ෆ් ක්‍රීඩාංගණය ලොව ඇති එකම “තණකොළ රහිත” ගොල්ෆ් පිටියයි.
එය සම්පූර්ණයෙන්ම වැලි සහ බොරළු වලින් සමන්විත වනවා.
මෙහි ක්‍රීඩකයන් රෑට සෙල්ලම් කරන්නේ ආලෝකය නිකුත් කරන බෝලවලින්.
ඒ විතරක් නෙමෙයි මෙහි ඇති අමුතු, වෙනත් ග්‍රහලෝකයක ස්වරූපය නිසා ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට රැසක් මෙහි රූගත කරලත් තියෙනවා.

කූබර් පීඩි වැසියන් බොහෝ දෙනෙක් “නිදහස් මතධාරීන්”
ඔවුන් කාර්යාලවල උදේ සිට සවස දක්වා වැඩ කිරීමට අකමැති, තමන්ගේම ස්වාමියා තමන්ම වීමට කැමති පිරිසක්.
ඔවුන්ට නගරයේ පවතින කාර්යබහුලත්වය සහ නීතිරීතිවලට වඩා මේ නිදහස්, හුදකලා ජීවිතය සහ පොළොව යට තියෙන නිහඬ බව හරිම සුවදායකයි.
ඒවගේම කූබර් පීඩි වල ජීවත් වෙන්න යන වියදම ඕස්ට්‍රේලියාවේ අනෙක් නගරවලට වඩා ගොඩක් අඩුයි.
වරක් නිවසක් හෑරූ පසු එයට මාසික කුලියක් හෝ විශාල නඩත්තු ගාස්තුවක් වැය වෙන්නේ නැහැ.
විශාල නගරවල මෙන් ඉහළ දේපළ බදු මෙහි නැහැ.
ඒවගේම පොළොව යට නිවාස නිසා විදුලි බිල ඉතාමත් අඩුයි.
මෙහි මිනිසුන් තමන්ගේ නිවසම පතලක් ලෙස දකිනවා.
කාමරයක් අලුතින් හාරනවා කියන්නේ තවත් මැණික් හමුවීමට ඇති අවස්ථාවක් නිසා නිවස මැණික් නිධියක් විදිහට ඔවුන් සලකනවා.

ඒවගේම තමයි අද වන විට කූබර් පීඩි ජනප්‍රිය සංචාරක නගරයකි.
මෙහි පැමිණෙන සංචාරකයන්ට පොළොව යට ඇති හෝටල්වල නවාතැන් ගැනීමට,පැරණි ඔපල් පතල් නැරඹීමට වගේම පොළොව යට තියෙන පල්ලි සහ කලාගාර නැරඹීමට අවස්ථාව හිමි වෙනවා.
එරට ශීත සහ වසන්ත කාලය උදාවන අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා මේ ප්‍රදේශයේ සංචාරය කිරීම වඩාත් සුදුසු වෙනවා.
දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඕස්ට්‍රේලියාවට ගිම්හාන කාලයයි.
එවිට උෂ්ණත්වය සෙල්සියස් 45°C ට වඩා වැඩි විය හැකි නිසා සංචාරය කිරීම අපහසුයි.
මෙහි පතල් වලින් ඉවත් කළ පස් ගොඩවල් පීරමින් තමන්ටම කියා ඔපල් කැබැල්ලක් සොයා ගැනීමට උත්සාහ කරන්නත් පුළුවන්.
ඒවගේම පොළොව යට ඇති පල්ලි සහ නිවාස ඇතුළත නරඹන්න පුළුවන්.

කූබර් පීඩි වැසියන් මේ රතු පස්වලටත්, නිහඬ පොළොව යට ජීවිතයටත් ආදරය කරනවා.
ඔවුන්ට මේක නිකම්ම ඉකන් පතලක් නෙවෙයි… ඔවුන්ගේ ආත්මයයි.
දවසක ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වනවා නම් කූබර් පීඩි නගරයේ සංචාරය කරන්න අමතක කරන්න එපා.

Post Views: 1
Previous Post

‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් මියගිය 525 දෙනෙකුට මරණ සහතික නිකුත් කෙරේ

Next Post

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි : සුජීවට සහ චමින්දට කතානායකගෙන් දැඩි අවවාද

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි : සුජීවට සහ චමින්දට කතානායකගෙන් දැඩි අවවාද

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි : සුජීවට සහ චමින්දට කතානායකගෙන් දැඩි අවවාද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

21 January 2026
මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

21 January 2026
දෙසැම්බර් උද්ධමනය සියයට 2.9 දක්වා ඉහළට: ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම ප්‍රධාන හේතුවක්

දෙසැම්බර් උද්ධමනය සියයට 2.9 දක්වා ඉහළට: ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම ප්‍රධාන හේතුවක්

21 January 2026
2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

21 January 2026

Recent News

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

21 January 2026
මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

21 January 2026
දෙසැම්බර් උද්ධමනය සියයට 2.9 දක්වා ඉහළට: ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම ප්‍රධාන හේතුවක්

දෙසැම්බර් උද්ධමනය සියයට 2.9 දක්වා ඉහළට: ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම ප්‍රධාන හේතුවක්

21 January 2026
2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආර්ථිකයක්

21 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

ලොකු අම්මා බියගන්වා ලක්ෂ 15ක් කොල්ලකෑ පුත්‍රයා දැලේ : කොල්ලකෑ මුදලින් යතුරුපැදියක් ගෙන හෝටල්වල අමුතු සෙල්ලම් දාලා

21 January 2026
මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

මැතිවරණ කොමිසම පිළිගත් නව දේශපාලන පක්ෂ පහ මෙන්න…

21 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved