ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිත අතර ඔවුහු ලබන 28 වන දින දක්වා මෙරට රැඳී සිටිමින් තීරණාත්මක සාකච්ඡා කිහිපයකට එක් වෙති. මෙම සංචාරයේ මූලික අරමුණ වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ ආර්ථික හා මානුෂීය හානි පිළිබඳව අධ්‍යයනය කිරීමයි. විශේෂයෙන්ම මෙම ස්වභාවික විපත හේතුවෙන් රටේ යටිතල පහසුකම්, ජනතාවගේ ජීවනෝපායන් සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ.
මීට අමතරව, ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ පස් වැනි සමාලෝචනය මේ වන විට අවසන් කර ඇති අතර, ඊට අදාළ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම පිළිබඳව ද මෙම සංචාරයේදී රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ‘දිට්වා’ කුණාටුවෙන් ඇති වූ අභියෝග හමුවේ වුවද මෙරට මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සහ ආර්ථිකය නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරනු ඇත.














