දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23) සවස් කාලයේ සිට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උතුරු, උතුරු-මැද, සහ නැඟෙනහිර පළාත්වලටත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති විය හැක.
මීට අමතරව ඌව සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී. අද අලුයම කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අද අලුයම කාලයේදී මල් තුහින (Ground frost) ඇති වීමේ හැකියාවක් පවතින බවද කාලගුණ වාර්තාවේ සඳහන් වේ. මුහුදු ප්‍රදේශ පිළිබඳව සැළකීමේදී මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළ තීරයට වැසි ඇති විය හැකි අතර, කොළඹ හරහා මන්නාරම සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 45 දක්වා ඉහළ යාම නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.














