කොච්ව්ර කිව්වත් කවුරුත් ගණන් ගන්නේ නැහැ… රැකලා ඉදලා අපම වැඩේ කළා…
ගම්මු කියති
මිනුවන්ගොඩ ජාපලවත්ත ප්‍රදේශයේදී අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් සිටි වාහන දෙකකට ප්‍රදේශවාසීන් විසින් පහර දී හානි කිරීමේ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව තිබේ.
දිගු කලක් තිස්සේ රාත්‍රී සහ අලුයම කාලයේදී නන්නාඳුනන වාහන පැමිණ මහා මාර්ගය අසලට කුණු දමා යාම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් සහ සෞඛ්‍ය ගැටලු පැන නැගී තිබුණි. මෙයට විසඳුමක් ලෙස ප්‍රදේශවාසීන් සෝදිසියෙන් සිට ඇති අතර, එහිදී කසළ බැහැර කරමින් සිටි වාහන දෙකක් හසු කරගෙන ඔවුන්ගේ වින්ඩ්ස්ක්‍රීන් (Windscreen) කුඩු වන සේ පහර දී ඇති බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ නීතිය මගින් මෙයට නිසි විසඳුමක් නොලැබෙන බැවින් තමන්ට මෙලෙස දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බවයි. කෙසේ වෙතත්, නීතිය අතට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන පවත්වන අතර, පරිසරය දූෂණය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.












