කොළඹ පිටකොටුව, බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පළ අසලදී මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් පදික කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව පිටකොටුව පොලිසිය වාර්තා කරයි.
පසුගිය 21 වනදා සවස් කාලයේ සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගිය කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.












