ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෙරටට ගෙන්වන ලද Rolls-Royce Phantom 8 Series 2 (EWB) වර්ගයේ සුපිරි මෝටර් රථයේ වටිනාකම අඩුවෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 70ක දඩයක් පනවා තිබේ.
ආනයනකරු විසින් මෙම රථය ස්ටර්ලින් පවුම් 417,000ක වටිනාකමකින් යුත් සාමාන්‍ය ‘Phantom’ රථයක් ලෙස ලේඛනවල දක්වා තිබුණද, රේගු නිලධාරීන් සිදුකළ පරීක්ෂාවකදී එය ලොව පුරා වාහන 25ක් පමණක් නිෂ්පාදනය වූ වඩාත් මිල අධික ‘Extended Wheelbase’ (EWB) මාදිලියට අයත් බව තහවුරු විය.
ඒ අනුව වංචනික ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමේ වරදට අදාළ දඩය නියම කළ අතර, රේගු ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ පනවන ලද සියලු බදු සහ දඩ මුදල් ගෙවීමෙන් පසු වාහනය නිදහස් කළ බවයි.












