ලොව සුප්‍රසිද්ධ ජපන් ඉලෙක්ට්‍රොනික දැවැන්තයෙකු වන Sony සමාගම, සිය රූපවාහිනී (Bravia) සහ නිවෙස් විනෝදාස්වාද මෙහෙයුම් කටයුතු චීනයේ TCL සමාගම සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. මෙම නව ව්‍යාපාරයේ 51% ක බහුතර කොටස් හිමිකාරිත්වය TCL සමාගම සතු වන අතර Sony සමාගම සතු වන්නේ 49% ක කොටස් ප්‍රමාණයකි.
2026 මාර්තු මාසය වන විට මෙහි ගිවිසුම් කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, නිෂ්පාදන සහ මෙහෙයුම් කටයුතු TCL සමාගම යටතේ සිදු වුවද වෙළඳපොළට නිකුත් වන රූපවාහිනී සඳහා තවදුරටත් ‘Sony’ සහ ‘Bravia’ යන සන්නාම නාමයන්ම භාවිතා වනු ඇත.
නිෂ්පාදන සැලසුම් කිරීම, අලෙවිකරණය සහ සැපයුම් දාම කළමනාකරණය ඇතුළු සියලු ගෝලීය මෙහෙයුම් මෙම නව ඒකාබද්ධ ආයතනය මගින් හසුරුවනු ලබයි.
TCL සමාගමේ පිරිවැය කළමනාකරණ හැකියාව සහ Sony සමාගමේ උසස් රූප සහ ශබ්ද තාක්ෂණය එක්වීම හරහා ඉදිරියේදී Sony රූපවාහිනී වඩාත් සහනදායී මිල ගණන් යටතේ පාරිභෝගිකයන් වෙත ලබා දීමට හැකි වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.












