ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති අර්ජුන හේරත් මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ මේ මස 31 වැනිදා දක්වා පමණක් තමන් ධූරයේ කටයුතු කරන බවයි.
මෙම ඉල්ලා අස්වීම පිළිබඳව අදහස් දක්වමින් හේරත් මහතා කියා සිටියේ, රජයේ ඉල්ලීම පරිදි තමන් මෙම ධූරය භාරගත්තේ සීමිත කාලයක් සඳහා පමණක් බවයි. තවදුරටත් සභාපති ධූරයේ රැඳී සිටින ලෙස බලධාරීන් ඉල්ලීම් කර ඇතත්, පෞද්ගලික හේතුන් මත ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
දශක තුනකට අධික පළපුරුද්දක් සහිත අර්ජුන හේරත් මහතා, ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ සමාරම්භක සභාපතිවරයා මෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.
දේශීය හා විදේශීය ආයතන රැසක ඉහළ තනතුරු හොබවා ඇති ඔහු මෙරට ආයෝජන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය කාලසීමාවේ සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.












