නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් එක් කෝටි දහසය ලක්ෂයකට අධික වටිනාකමින් යුතු දේපළ සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවක ඇතුළු සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
පසුගිය 18 වැනිදා සිදුවූ මෙම මංකොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොරකම් කරන ලද රන් මාලයක් ද සමඟ ඊයේ (22) අත්අඩංගුවට ගැනීමෙන් පසු අනෙකුත් පිරිස කොටු කර ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 62ක් වටිනා අත් ඔරලෝසු 03ක්, රුපියල් ලක්ෂ 20ක් වටිනා සුදු රත්‍රං කරාඹු යුවළක්, දියමන්ති මාලයක් සහ මිල අධික සුවඳ විලවුන් බෝතල් කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර, සොරකම් කරන ලද දේපළවලින් තවත් කොටසක් ද රැගෙන ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව නාරාහේන්පිට පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.












