මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින දැඩි තදබදය අවම කිරීමේ අරමුණින් වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම නව බන්ධනාගාරය පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විටත් නිකුත් කර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, වර්තමානය වන විට බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 39,000 ඉක්මවා ඇත.
එහෙත් මෙරට බන්ධනාගාර පද්ධතියේ නිල ධාරිතාව දැක්වෙන්නේ රැඳවියන් 11,000ක් සඳහා පමණි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බන්ධනාගාරවල නව ගොඩනැගිලි ඉදිකිරීමට අමතරව, තෝරාගත් රජයේ ගොඩනැගිලි කිහිපයක් තාවකාලික බන්ධනාගාර ලෙස පරිවර්තනය කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇත.










