සම්භාහන මධ්‍යස්ථානයක් (SPA) ලෙස පවත්වාගෙන ගිය මුවාවෙන් ස්ත්‍රීන් මුදලට අලෙවි කිරීමේ නිරත වූ ස්ථානයක් වටලා පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ පොලිසිය සමත් වී තිබේ.
පෑලියගොඩ පොලිස් වසමේ තොරණ හන්දිය ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය වටලනු ලැබුවේ ඊයේ (25) පස්වරුවේ ලැබුණු තොරතුරකට අනුවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර එම ස්ථානයේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ කාන්තාවක් සහ ගණිකා සේවය සඳහා රඳවා සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකු සිටින බව පොලිසිය පවසයි.
සැකකාරියන් වයස අවුරුදු 21, 36 සහ 47 යන වයස්වල පසුවන වත්තල, ගස්ඇල්ල සහ බගවන්තලාව ප්‍රදේශවල පදිංචිකාරියන් බව හඳුනාගෙන තිබේ.
මෙම වටලෑමෙන් පසු පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














