පිලිපීනයේ මගීන් 350කට අධික පිරිසක් රැගත් ‘MV Trisha Kerstin 3’ නම් මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට පත්ව ගිලී යාමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 332ක් සහ කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සහන සේවා කණ්ඩායම් මැදිහත් වී පුද්ගලයන් 316 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇතත්, තවත් පුද්ගලයන් 28 දෙනෙකු මේ වන විටත් අතුරුදන්ව සිටියි.
අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සඳහා පිලිපීන වෙරළාරක්ෂක බලකාය විසින් ගුවන් යානයක් ද යොදවා ඇති අතර මුදාගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ. යාත්‍රාව ගිලී යාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව විධිමත් සමුද්‍ර අනතුරු පරීක්ෂණයක් පවත්වන ලෙස එරට බලධාරීන් නියෝග කර තිබේ. පිලිපීනය අවට මුහුදේ පවතින කාලගුණික තත්ත්වය හෝ යාත්‍රාවේ යාන්ත්‍රික දෝෂයක් මෙම විපතට හේතු වූවාද යන්න පිළිබඳව අවධානය යොමුව ඇත.














