ස්වීඩනයේ සිට මෙරටට පැමිණි සංචාරක තරුණියකට ලිංගික හිරිහැර සිදු කළ 26 හැවිරිදි කුලී ත්‍රිරෝද රථ රියදුරෙකු වනාතවිල්ලුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා පුත්තලමේ සිට එළුවන්කුලම දක්වා මෙම තරුණිය රැගෙන යන අතරතුර, පරණ මන්නාරම පාරේදී රියදුරු විසින් ඇයට අවස්ථා කිහිපයකදී ලිංගික අඩන්තේට්ටම් සිදු කර ඇති බව වාර්තා වේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අතවර කිරීම්වලට අමතරව, රියදුරු විසින් සිය ත්‍රිරෝද රථය පදවන ආකාරය පුහුණු කිරීමට ද ඇයට බල කර ඇති බවයි.
තරුණිය තමන් නවාතැන් ගත් හෝටලයේ කළමනාකාරිනියට මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකු වන මොහු මීට පෙර ද විදෙස් කාන්තාවන්ට මෙලෙස හිරිහැර කර ඇති අයෙකු බවට තොරතුරු හෙළි වී තිබේ.
සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇත.














