ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයේ අගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 306.03ක් ලෙසත්, විකුණුම් මිල රු. 313.56ක් ලෙසත් සටහන් විය. ප්‍රධාන වාණිජ බැංකු රැසක ද විකුණුම් මිල රුපියල් 313 සීමාවේ පවතින අතර, අමානා බැංකුව රු. 307.90ක ඉහළම ගැනුම් මිලක් වාර්තා කර ඇත.
පසුගිය සති කිහිපය තුළ ස්ථාවර මට්ටමක පැවති රුපියලේ අගය සතියේ මුල් දින දීම මෙලෙස අවප්‍රමාණය වීම වෙළඳපොළ තුළ විශේෂ අවධානයට ලක්ව තිබේ. ලංකා බැංකුව සහ මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකුවල ද විකුණුම් මිල රු. 313 සීමාව පසුකර ඇති අතර, මෙම විනිමය අනුපාත වෙනස් වීම ඉදිරි ආනයන වියදම් කෙරෙහි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














