2019 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු මස 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නියෝග කළේය.
නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙතෙක් නම් කර නොමැති වීම හේතුවෙන් මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මෙම දැනුම් දීම සිදු කරන ලදී.
මෙම නඩුවේ විත්තිකරුවන් මීට පෙර නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කර තිබූ නමුත්, නීතිපතිවරයා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.
එම අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, විත්තිකරුවන් නිදහස් කිරීමේ තීන්දුව නිෂ්ප්‍රභ කරමින් නියෝග කළේ විත්තිවාචකය කැඳවා නඩු විභාගය යළි පවත්වා තීන්දුවක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව, මෙම නඩුව යළි කැඳවීමට නියමිතව ඇති අතර, එහි මීළඟ පියවර මාර්තු මාසයේදී තීරණය වනු ඇත.













