අමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති දරුණු ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, වොෂින්ටන් අගනුවර පිහිටි ධවල මන්දිර පරිශ්‍රය ද ඝන හිම තට්ටුවලින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික හිම පතනය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් අමෙරිකාව පුරා නිවාස මිලියනයකට අධික සංඛ්‍යාවක විදුලිය බිඳවැටී ඇති අතර, පවතින අයහපත් කාලගුණය හමුවේ ගුවන් ගමන් වාර 10,000කට වැඩි ප්‍රමාණයක් ද අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
හිම පතනය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් මාර්ග ප්‍රවාහනය ද දැඩි අවදානම් සහගත වී ඇති අතර, ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස එරට කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.














