පෞද්ගලික හේතුවක් මත අද (27) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය නීතිඥවරයෙකු මාර්ගයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව අදාළ විමර්ශන සඳහා පෙනී සිටීමට තවත් සති දෙකක කාලයක් ලබා දෙන ලෙස ඇය එම කොට්ඨාසයෙන් ඉල්ලීමක් කර ඇත. මූල්‍ය අක්‍රමිකතාවලට අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇයට අද දින එහි පෙනී සිටින ලෙස මීට පෙර දන්වා තිබුණි.














