මිහින්තලේ, සියඹලාගස්වැව හන්දිය ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් ජාවාරම මැඬලීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසී කාන්තාවන් පිරිසක් අද (27) විරෝධතාවක නිරත වූහ.
ගම්මානයේ පවත්වාගෙන යන නීතිවිරෝධී මත්පැන් පෙරීමේ මධ්‍යස්ථාන සහ ඒවායේ ගැවසෙන පුද්ගලයින් හේතුවෙන් සාමකාමී ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති බවත්, මත්පැන් පානය කරන්නන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිසි පියවර නොගන්නා බවත් ඔවුහු පෙන්වා දෙති.
තම දුවා දරුවන්ගේ අනාගතය මෙම මත් උවදුර නිසා දැඩි අවදානමකට ලක්ව ඇති බව පවසන විරෝධතාකරුවන්, ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විවිධ වැකි සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධයේ නිරත විය.
මෙම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාගේ සෘජු අවධානය යොමු කරවා තම ගම්මානය මත් උවදුරෙන් මුදා දෙන ලෙස විරෝධතාවයට එක් වූ කාන්තාවෝ වැඩිදුරටත් ඉල්ලා සිටියහ.














