මීගමුව මහ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයෙකුට පහර දීමේ චෝදනාව මත ත්‍රිරෝද රථ රියදුරෙකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහර කෑමට ලක්ව ඇත්තේ මීගමුව, මරදාන පාරේ පදිංචි 53 හැවිරිදි මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කාර්මික ශිල්පියෙකු ලෙස ද සේවය කරනු ලබන්නෙකි.
පොලිසිය සඳහන් කරන්නේ මන්ත්‍රීවරයා ටෙලිකොම් ආයතනයට අයත් කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී, මාර්ගය හරස් කරමින් පැමිණි ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි.
මාර්ග තදබදය හෝ ධාවනය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇති බවට සැක කෙරේ. අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරු සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














