හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කර දීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා ලැබූ ජී.එම්. නිහාල් සිසිර කුමාර නැමැති මෙම සැකකරු ඊයේ (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
නීති විරෝධී කටයුතු මගින් උපයාගත් මෙම රුපියල් කෝටි 3ක මුදල සෘජුව හෝ වක්‍රව හිටපු අමාත්‍යවරයා වෙත මාරු කිරීමට කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.














