ඇප් (App) පාදක කරගත් ප්‍රවාහන සේවා සහ ස්වාධීන ත්‍රිරෝද රථ සේවා සඳහා පොදු මිල සූත්‍රයක් හෝ ඒකාබද්ධ ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක් පොලිස්පතිවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී රියැදුරු සංගම් නියෝජිතයන් පෙන්වා දුන්නේ ඇප් සේවාවන්හි පවතින අඩු ගාස්තු හේතුවෙන් සාමාන්‍ය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ දෛනික ආදායමට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.
දෙපාර්ශ්වයටම පොදු ගාස්තු ක්‍රමයක් පැවතියහොත් මගීන්ට තමන් කැමති සේවාවක් නිදහසේ තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන බව ඔවුන් අවධාරණය කළහ.
ස්වාධීන ත්‍රිරෝද රථ රියැදුරන් අධික ලෙස මුදල් අය කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ නියෝජිතයා, ඇප් සේවාවන් කාර්යබහුල වේලාවන්හිදී (Peak Hours) අධික ලෙස ගාස්තු ඉහළ නංවන බවට චෝදනා කළේය.
ගාස්තු නියම කිරීමේ බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාව සතු මිස පෞද්ගලික සමාගම් සතු නොවන බව පෙන්වා දුන් රියැදුරන්, වෘත්තීය රියැදුරන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි වහාම විධිමත් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
මෑත කාලීනව ඇල්ල සහ සීගිරිය වැනි සංචාරක කලාපවලදී ඇප් රියැදුරන් සහ ප්‍රාදේශීය රියැදුරන් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීමට ද මෙම නියාමනය අත්‍යවශ්‍ය බව මෙහිදී සාකච්ඡා විය.














