දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වෙමින් නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව උතුරු, උතුරු-මැද සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2:00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ වාර්තා සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.














