ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ධීවරයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. පසුගිය දෙසැම්බර් 03 වනදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ‘දිනිති දුව’ යාත්‍රාව ඇතුළු ධීවර යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇත. ධීවරයින්ගේ ඥාතීන් පවසන පරිදි, ජනවාරි 28 වනදා උදෑසන 6ට පමණ ඉන්දීය නාවික හමුදා නෞකාවක් මගින් මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ මත්ද්‍රව්‍ය තිබේදැයි විමසමින් මෙම දරුණු ප්‍රහාරය එල්ල කර තිබේ.
පහරකෑමට ලක්වූ ධීවරයින් බරපතල තැලුම් තුවාල සහිතව නැවත දිවයිනට පැමිණෙමින් සිටියදී ඒ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව අද අලුයම තුවාල ලැබූ ධීවරයින් සිව්දෙනාව දිවයිනට රැගෙන ඒමට කටයුතු කළ අතර, ඔවුන් මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ධීවරයින්ගේ ඥාතීන් විසින් රෝහල් පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ, මේ පිළිබඳව වහාම විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස නාවික හමුදාවට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇති බවයි. මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ද රජය අවධානය යොමු කර තිබේ.














