ඉන්දීය සිනමාවේ ජනප්‍රියම තරු යුවළක් වන විජයි දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා හෙට (පෙබරවාරි 02) විවාහ වීමට නියමිත බවට ඉන්දීය මාධ්‍ය වාර්තා පල වෙමින් පවතී. “නැෂනල් ක්‍රෂ්” (National Crush) ලෙස විරුදාවලිය ලත් රශ්මිකා සහ විජයි අතර කලක සිට පවතින ප්‍රේම සම්බන්ධය පිළිබඳව විවිධ කටකතා පැතිර ගියද, ඔවුන්ගේ විවාහය පිළිබඳ පුවත ප්‍රචාරය වන්නට වූයේ රාජස්ථානයේ උදයපූර්හි “සිටි පැලස්” (City Palace) මාලිගයේ සිදුවන දැවැන්ත සූදානමක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟය.
පසුගිය වසරේදී මොවුන් දෙදෙනා රහසින් විවාහ ගිවිස ගත් බවටද තොරතුරු පල වූ නමුත් ඒ කිසිවක් නිල වශයෙන් තහවුරු කර නොතිබුණි. හෙට දින පැවැත්වීමට නියමිත බව කියන මෙම විවාහ මංගල්‍යය පිළිබඳවද මෙතෙක් ඔවුන් දෙදෙනා හෝ පවුලේ සාමාජිකයන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, උදයපූර්හි සිදුවන සූදානම පිළිබඳ වීඩියෝව මේ වන විට රසිකයන් අතර ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතී.














