තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (01) හත්වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. උපවාසයේ නිරතව සිටි තවත් නිලධාරියෙකු අද දින රෝගාතුර වීම හේතුවෙන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ අනුව මේ වන විට රෝහල් ගත කර ඇති සමස්ත උපවාසකරුවන් සංඛ්‍යාව පහක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අරගලයට සහය දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදීත් උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණි අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ උපවාසකරුවන්ගේ සුවදුක් විමසා සිටියේය. තම වෘත්තීය ගැටලුවලට බලධාරීන්ගෙන් සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් මෙම මාරාන්තික උපවාසය අත්නොහරින බව සංවර්ධන නිලධාරීහු අවධාරණය කර සිටිති.














