ඉන්දීය රුපියල් කෝටි 8,000කට අධික වත්කම් සමුදායකට හිමිකම් කියූ, ඉන්ස්ටග්‍රෑම් හි අනුගාමිකයින් මිලියන 1.3ක් පිරිවරා සිටි ප්‍රකෝටිපති ව්‍යාපාරික සීජේ රෝයි සිය කාර්යාලය තුළදී වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්වීම ලොව පුරා දැඩි කම්පනයක් ඇති කර තිබේ.
රූපලාවන්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ ‘කන්ෆිඩන්ට් ගෲප්’ හි නිර්මාතෘවරයා වූ ඔහු, මතුපිටින් බලන විට ලොව ඕනෑම අයෙකු සිහින දකින පරිපූර්ණ ජීවිතයක් ගත කළ අයෙකි.
අධික ධනය, ගෞරවනීය පවුල් පසුබිම සහ අතිමහත් කීර්තිය යන සියල්ල ඔහු සතු විය.කෙසේ වෙතත්, මෙම ඛේදවාචකය මගින් සමාජයට ප්‍රබල පණිවිඩයක් නිකුත් කරමින් පවතී. මිනිසෙකුට ධනයෙන් හෝ තාක්ෂණික ලෝකයේ ප්‍රසිද්ධියෙන් මිලදී ගත නොහැකි “ආධ්‍යාත්මික සාමය” සහ “මානසික සහනය” කොතරම් තීරණාත්මක ද යන්න ඔහුගේ මරණයත් සමඟ යළිත් සාකච්ඡාවට බඳුන් වී ඇත. කොතරම් සැප සම්පත් මැද ජීවත් වුවද, මිනිසෙකුගේ ඇතුළාන්තය තුළ පවතින පීඩනය සහ හුදෙකලාව සමනය කිරීමට භෞතික වස්තූන්ට නොහැකි බව සීජේ රෝයිගේ අවාසනාවන්ත නික්මයාම මගින් මනාව පැහැදිලි කෙරේ.














