රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුවන ගැටලු නිරාකරණය කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ මැදිහත්වීමක් ආරම්භ කර තිබේ. ස්ථාන මාරුවීම් සහ අනෙකුත් පරිපාලනමය හේතූන් මත වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන්ට පාසල් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් සහ බාධාවන් අවම කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.
ඒ අනුව, එවැනි ගැටලුවලට මුහුණ දී සිටින සියලුම රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය තොරතුරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ECI අධ්‍යක්ෂ, එරංගා ජයවර්ධන මහත්මිය වෙත දැනුම් දෙන ලෙස අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් දෙයි. අදාළ නිලධාරිනිය සම්බන්ධ කරගත හැකි දුරකථන අංක පහත දැක්වේ:
දුරකථන අංකය: 011 267 5011
දිගු අංකය (Extension): 173














