හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (01) රාත්‍රියේදී සිදුවී තිබේ. මෙම හමුව සිදුව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය අතරතුරදීය.
දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වන චරිත දෙකක් වන මොවුන් දෙදෙනා මෙලෙස හමුවී සුහද කතාබහක නිරත වීම බොහෝ දෙනාගේ අවධානයට යොමු විය. මංගල උත්සවයේදී ඔවුන් එකම මේසයක අසුන්ගෙන සිටින අයුරුද දැකගත හැකි විය.













