2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගය වර්ජනය කිරීමට පාකිස්ථානය තීරණය කර තිබේ. පාකිස්ථාන රජයේ නිල X ගිණුම මගින් නිකුත් කළ නිවේදනයකට අනුව, තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පාකිස්ථාන කණ්ඩායමට අවසර ලබා දී ඇතත්, පෙබරවාරි 15 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයට පමණක් ක්‍රීඩා නොකරන ලෙස දන්වා ඇත. මෙම තීරණයට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන මෙම තරගාවලියේදී පාකිස්ථානය ‘A’ කාණ්ඩයෙන් තරග වදියි. ඔවුන්ගේ අනෙකුත් තරග පෙබරවාරි 07 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත්, පෙබරවාරි 10 වැනිදා ඇමෙරිකාවට එරෙහිවත්, පෙබරවාරි 18 වැනිදා නැමීබියාවට එරෙහිවත් පැවැත්වේ. මෙම වර්ජනය හේතුවෙන් ඉන්දියාවට එරෙහි තරගයට හිමිවන ප්‍රසාද ලකුණු 02 පාකිස්ථානයට අහිමි වනු ඇත.













