පසුගිය වසර 10 තුළ මෙරට වන අලින් 3,700කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බැවින්, නවීන ‘ඩ්‍රෝන’ සහ චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කර කඩිනම් අලි සංගණනයක් පවත්වන ලෙස පරිසර ක්‍රියාකාරී ආනන්ද දිසානායක මහතා රජයෙන් ඉල්ලා සිටියි. 2025 වසරේදී පමණක් අලින් 409 දෙනෙකු මියගොස් ඇති බව පෙන්වා දෙන ඒ මහතා, අලි වැටවල් නිසි පරිදි නඩත්තු නොකිරීම සහ ඒවා යල් පැන ගිය ක්‍රමවේදයන් වීම මෙම විනාශයට ප්‍රධාන හේතු වී ඇති බව අවධාරණය කරයි.
බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, 2011 වසරෙන් පසු විධිමත් සංගණනයක් සිදු කර නොමැති බැවින් වර්තමානය වන විට මෙරට ඉතිරිව සිටින අලි – ඇතුන් ප්‍රමාණය නිශ්චිතව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය බවයි. පවතින තත්ත්වය හමුවේ ලංකාවේ අවසාන අලියා දකින දිනය වැඩි ඈතක නොවන බවට අනතුරු අඟවන ඔහු, 2027 වසර ආරම්භයට පෙර මෙම සංගණනය අවසන් කළ යුතු බවට බලධාරීන්ට යෝජනා කර සිටියි.













