ලංකා සීනි සමාගම යටතේ පවතින නුගේගොඩ සිල්ලර වෙළෙඳසැලේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම සමාගම නිවේදනය කරයි. පසුගිය ජනවාරි 31 වැනිදා අදාළ වෙළෙඳසැල තාවකාලිකව වසා තැබීමට සිදු වූයේ එහි සේවකයා හදිසියේ අසනීප වීම නිසා බවත්, පෙබරවාරි 01 වැනිදා පොහොය දිනය හේතුවෙන් සාමාන්‍ය පරිදි වසා තැබූ බවත් සමාගම පෙන්වා දෙයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන සුළු පදනම් විරහිත ප්‍රකාශ පළ කරන පිරිස් පිළිබඳව සිය කණස්සල්ල පළ කරන ලංකා සීනි සමාගම, ආයතනික නිල පුවත් කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටියි.
නුගේගොඩ සිල්ලර වෙළෙඳසැල මේ වන විට සාමාන්‍ය පරිදි විවෘතව පවතින අතර, සතියේ දිනවල සහ සෙනසුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වාත්, ඉරිදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වාත් පාරිභෝගික සේවා සැපයෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර යවන්නන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ද සමාගමේ අවධානය යොමුව තිබේ.














