හිස්ව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නිර්දේශිත නාමය අද (03) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව තහවුරු කළ අතර, නව විගණකාධිපතිවරයා ලෙස පත්වන පුද්ගලයාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2025 අප්‍රේල් මාසයේ සිට මෙම ධුරය ස්ථිර පත්වීමක් නොමැතිව හිස්ව පැවති අතර, වැඩබලන විගණකාධිපති ලෙස කටයුතු කළ ධර්මපාල ගම්මන්පිල මහතාගේ සේවා කාලය ද පසුගිය දෙසැම්බර් මස අවසන් විය.














