නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා දේශීය කීරි සම්බා සහල් අලෙවි කළ මාකොළ ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (02) නියෝග කළේය. දේශීය කීරි සම්බා සහල් කිලෝවක පාලන මිල රුපියල් 260ක්ව පවතිද්දී, එම මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම නිසා මෙම දඩය නියම විය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම නඩුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පාරිභෝගිකයන් සූරාකෑම වැළැක්වීම සඳහා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නියමිත පාලන මිලටම අලෙවි කරන්නේදැයි සොයා බැලීමට දිවයින පුරා වැටලීම් දැඩි කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි. පාලන මිල ඉක්මවා අලෙවි කරන වෙළෙන්දන් පිළිබඳ තොරතුරු 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.














