ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන්ගම වන ගුජරාට් ප්‍රදේශයේ දෙව්නිමෝරි භූමියෙන් හමු වූ ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ප්‍රථම වරට මෙරටට වැඩම කරවීම අද (04) සිදු කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙරටට වැඩම කරවන මෙම ධාතූන් වහන්සේ අද පස්වරු 1.00ට කටුනායක ගුවන්තොටුපළින් වැඩම කරවීමෙන් පසු කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පුෂ්පෝපහාර පුජාවෙන් අනතුරුව හෙට (05) සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පුරා දින හතක් මහජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.














