මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු මත්ද්‍රව්‍ය රැසක් සමඟ අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිසිය පියවර ගෙන තිබේ. සැකකාර සිසුවා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 33ක්, මත් මුද්දර (LSD) 15ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 22ක් සහ මත්පෙති 02ක් පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 59,000ක මුදලක් ද සිසුවා සතුව තිබී සොයාගෙන තිබේ.
විශ්වවිද්‍යාල සිසුන් ඉලක්ක කරගනිමින් මෙම මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක වී ඇත්ද යන්න පිළිබඳව මොරටුව පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. උසස් අධ්‍යාපනය ලබන සිසුන් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමුව ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














