පෙබරවාරි 05 – ශ්‍රී ලංකාවේ 42 වන විගණකාධිපතිවරිය ලෙස පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) පෙරවරුවේ ජාතික විගණන කාර්යාලයේදී නිල වශයෙන් සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළාය. මෙරට ඉතිහාසයේ විගණකාධිපති ධුරයට කාන්තාවක පත් වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සනිටුහන් වන අතර, ඇය මීට පෙර ජාතික විගණන කාර්යාලයේ නියෝජ්‍ය විගණකාධිපතිවරියක ලෙස සේවය කරමින් පුළුල් අත්දැකීම් සහිත නිලධාරිනියක ලෙස ප්‍රකටව සිටියි.
රාජ්‍ය අංශයේ විනිවිදභාවය සහ මූල්‍ය විනය සුරැකීම සම්බන්ධයෙන් ඇය ඉදිරියේදී ගන්නා තීරණාත්මක පියවර පිළිබඳව දේශපාලන සහ මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. විශේෂයෙන්ම රජයේ ආයතනවල මෑත කාලීන විගණන වාර්තා සහ ඉතිරිව පවතින විමර්ශන කටයුතු කඩිනම් කිරීමේ අභියෝගය නව විගණකාධිපතිවරිය හමුවේ පවතී.












