ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසක් පුද්ගලයෙකුට පහර දෙන බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ව්‍යාපාරික හා මෙහෙයුම් උපාය මාර්ග) ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, ඇතැම් මාධ්‍ය ආයතන මගින් ප්‍රචාරය කරනු ලබන වීඩියෝ දර්ශනවල සිටින පුද්ගලයින් විදුලිබල මණ්ඩලයේ සේවකයන් නොවන බවයි.
මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙවැනි අසත්‍ය පුවත් හේතුවෙන් මහජනතාව තුළ වැරදි වැටහීමක් ඇතිවීම වැළැක්වීම සඳහා අදාළ නිරවද්‍ය කිරීම ප්‍රචාරය කිරීමට සහාය වන ලෙසත් මණ්ඩලය මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. ආයතනික ගෞරවයට හානි වන අන්දමින් තහවුරු නොකළ පුවත් පළ කිරීම සම්බන්ධයෙන් මණ්ඩලයේ දැඩි අවධානය යොමු වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.














